ජනපති කියලා පැය 24යි.. මහරජානෝ යන්න සැරසෙයි.!

Local news (Sinhala)ජනවාරි 20, 2025259 Views

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව ‌යෑමට සූදානම් බව ශ්‍රී ලංකා ‌පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

එම නිල නිවසෙන් ඉවත් නොවන්නේ නම් මාසිකව තක්සේරු කුලිය වශයෙන් රුපියල් ලක්ෂ 46ක් ගෙවන ලෙස ජනාධිපති අනුර දිසානායක කළ දැනුම් දීමත් සමඟයි.

මෙම නිවස තම පවුලට හෝ තම පියාට අයත් නිවසක් නොව රජයට අයත් නිවසක් බැවින් බවත් එය රජය විසින් හිටපු ජනාධිපතිවරයකුට ලබාදෙන නිවසක් බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

වර්තමාන ජනාධිපතිතුමාට එම නිවස කාට හෝ විකුණාගැනීමට අවශ්‍ය නම් ඒ සදහා මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමට අවශ්‍ය නම් එය ලිඛිතව දැන්විය හැකි බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

රජය විසින් දැනුම් දෙන ඕනෑම මොහොතක තම පියා ඉන් ඉවත්වීමට සූදානම් බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
18 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending