
By unusuma.lk on
(LK time)සැතපුම් 83 දම්වැල් 55 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කුරුණෑගල – පුත්තලම මාර්ගය අද (07) දිනය සම්පූර්ණයෙන් වසාදැමීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරයි.
ඒ අනුව හෙට (08) සහ අනිද්දා (09) දිනයන්හිද අළුත්වැඩියා කටයුතු සිදුකරන කාලවලදී වරින්වර මෙම මාර්ගය වසා තැබීමට සිදුවන බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරයි.
මෙම කාලසීමාවන් තුළ ඇති විය හැකි රථ වාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද මෙම නිවේදනයෙන් සදහන් කරයි.