
By unusuma.lk on
(LK time)සාම්පල් පරීක්ෂා කිරීමේදී ජල පිරිපහදු රසායනිකයේ ක්‍රොමියම් ප්‍රතිශතය වැඩි බවට තහවුරු වු බවත් එනිසා ඒවා පරිහරණයට ගත්තේ නැතැයි වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් පොස්පේට් තොග අඩු මිලට සමාගම් තුනකට ලබාදීමෙන් රුපියල් මිලියන 1200ක් පාඩු ලබලා තිබෙන බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි.
අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කළේ,
“සාම්පල් පරීක්ෂා කිරීමේදී නියමිත ප්‍රමාණයට තිබුණේ. නමුත් ගෙනත් පරීක්ෂා කරද්දී රසායනිකය වැඩි බව තහවුරු වුණා. ඒ නිසා ඒවා දැනට අපේ භාරයේ තිබෙනවා.
නමුත් ඒවා මෙරට භාවිතයට ගෙන නැහැ. ප්‍රමිතියට නැති භාණ්ඩ අපි ආනයනකරුට භාර දෙනවා ප්‍රතිඅපනයනය කරන්න. ඒක තමයි කළ යුතු. ඒ නිසා ඒ ගැන සැකයක් අවශ්‍ය නැහැ.
සමහර අය මෙතන කිව්වා පොස්පේට් සමාගමේ සියලු තොග අවසන් කරලා ලාභ ලබා දුන්නා කියලා. නමුත් ඒ කියපු චාමර සම්පත් මන්ත්‍රීවරයා පොස්පේට් තොග අඩු මිලට සමාගම් තුනකට ලබාදීමෙන් රුපියල් මිලියන 1200ක් පාඩු ලබලා තිබෙනවා.”