මහ රෑ මොරටුව පොලීසිය අසල උණුසුම් තත්ත්වයක්.!

ගම්වාසීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මොරටුව පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් 100කට අධික පිරිසක් මේ වනවිට මොරටුව පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධාවක නිරත වෙයි.

මොරටුව ප්‍රදේශයේ දේවස්ථානයක් ඉදිරිපිට නිර්මාණය කරමින් තිබූ තොරණක් හේතුවෙන් එහි සිටි පිරිසක් මාර්ගයට අවහිරවන ලෙස රැඳී සිටි බැවින් ඔවුන්ව ඉන් ඉවත් කිරීමට රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් කටයුතු කිරීමේදී පිරිසක් ඊට බාධා කළ බව පොලීසිය සදහන් කරයි.

එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පහර කෑමකට ලක්ව ඇති අතර එම නිලධාරීන් මේ වනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එම පහරදීම හා ඇති වූ තත්ත්වය මත රාජකාරියට බාධා කිරීම හේතුවෙන් එහි සිටි පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් එම අත්අඩංගුවට ගැනීමට විරෝධය පලකරමින් ප්‍රදේශවාසින් මෙලෙස මොරටුව පොලීසිය අසලට පැමිණ ඇති අතර එම තත්ත්වය පාලනය කිරීමට කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් ඇතුළු පියතුමන්ලා කිහිප දෙනෙකුද එම ස්ථානයට පැමිණ ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.