පාර්ලිමේන්තුවේ විපක්ෂයට පණ නෑ.. ආණ්ඩුවට එරෙහිව එළියේ නව විපක්ෂයක්.!

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කාර්යභාරය ඉටු නොවන නිසා ඉන් පිටත ප්‍රබල විපක්ෂයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සදහන් කරයි.

ආණ්ඩුවට එරෙහිව තිබෙන දේශපාලන වාසිය ලබාගැනීමට විපක්ෂනායකවරයා මෙන්ම විපක්ෂ මන්ත‍්‍රීවරුන් ක්‍රියා නොකිරීම නිසා මෙම පියවර ගැනීමට කටයුතු කරන බවද එම සන්ධානයේ ජාතික සංවිධායක නිලුක්ෂ නන්ද කුමාර සදහන් කරයි.

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් විපක්ෂයේ භූමිකාව පාර්ලිමේන්තුවෙන් පිට සිට කරගෙන යාම පිළිබඳ මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතින බවද ජාතික සංවිධායක නිලුක්ෂ නන්ද කුමාර සදහන් කරයි.

ජාතික සංවිධායකවරයා තවදුරටත් සදහන් කළේ,

“ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳ වැටෙමින් පවතිනවා. අපි ඉදිරියේදී අනිකුත් පක්ෂ සමඟ එකතු වෙලා රට ඇතුළේ ප්‍රබල විපක්ෂයක් හදන්න කටයුතු කරනවා. පාර්ලිමේන්තුව තුළ සිටින විපක්ෂයෙන් විපක්ෂයේ කාර්යභාරය ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා එළියේ, රට ඇතුළේ මේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන කඳවුරට නායකත්වය දීලා කටයුතු කරන්න සූදානම් වෙනවා.

ඒ සදහා සිවිල් සංවිධාන, පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් පක්ෂ සියල්ල එකතු කර ගනිමින් ප්‍රබල විපක්ෂය හදන භූමිකාව මේ දිනවල කරගෙන යනවා. ඕනෑම රටක ආණ්ඩුව පවත්වා ගෙන යද්දී ප්‍රබල විපක්ෂයක් තිබෙන්න ඕනෑ. නමුත් වර්තමාන විපක්ෂනායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම ඒ භූමිකාව සිද්ධ කරන්නේ නැහැ.”

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.