By unusuma.lk on
(LK time)සුඩානයේ අගනුවර වන කාර්ටූම් හි නේවාසික ප්‍රදේශයකට හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් නිලධාරින් සහ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් ඇතුළු පුද්ගලයින් 46 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ළමුන් දෙදෙනෙකු ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවත් මියගිය පිරිස අතර කාර්ටූම් හි ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියකු වන මේජර් ජෙනරාල් බහර් අහමඩ් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාර්ටූම් හි උතුරු ඔම්සුර්මන් හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වීමේදී යානය කඩා වැටුණු බවත් අනතුරින් පසු විශාල පිපිරීමක් සිදු වූ බව එහි පදිංචිකරුවන් සදහන් කරයි.
මෙම අනතුරින් නිවාස කිහිපයකට හානි සිදුව ඇති අතර අවට අසල්වැසි ප්‍රදේශවල විදුලිය ඇනහිටීම් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.