By unusuma.lk on
(LK time)අද (23) දින රාත්‍රියේ පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ උතුර යතුරුපැදි කණ්ඩායම විසින් හඹාගොස් වෙඩිතබා ඇත.
මෙම වෙඩි වැදීමෙන් වෑන් රථයේ සිටි අයෙකු සුළු තුවාල ලබා ඇති අතර අදාළ වෑන් රථය පරීක්ෂා කිරීමට නතර කරන ලෙසට අණ කර තිබුණත් නොනවත්වා ධාවනය කිරීම නිසා හඹාගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
අදාළ වෑන් රථයේ තිබී නීතිවිරෝධී මත්පැන් සොයාගෙන ඇති බවද වාර්තා වේ.