By unusuma.lk on
(LK time)ගනේමුල්ල සංජීව ඝාතනයට දින දෙකකට ඉහත දී එනම් 17 වෙනි දින දහවල් 2.17 ට පමණ ගනේමුල්ල සංජීවගේ ඝාතනයේ නීතිඥ වෙස්ගත් වෙඩික්කරු සහ මේ වන විටත් පොලිසියට වසන් වී සිටින ගිනි අවිය අධිකරණය වෙත රැගෙන ආ සැකකාරිය දිවුලපිටිය ප්රදේශයේ සුපිරි වෙළඳසැලකට ගොස් භාණ්ඩ මිලදී ගන්නා අයුරු සීසීටිවි කැමරාවක සටහන් වී ඇත.
එහි සටහන්ව ඇත්තේ ඉතා සතුටින් එම වෙළඳ සැලට පැමිණෙන ඔවුන් දෙදෙනා කුඩා භාණ්ඩ කීපයක් මිලදී ගැනීමෙන් අනතුරුව කිරි බෝතල් දෙකක්ද පානය කරන අයුරුයි.
මෙම යුවල බොහෝ අවස්ථාවලදී හැඳ පැලඳ සිටින්නේ සුදු වර්ණයෙන් යුතු ඇඳුම් බවට මෙතෙක් කළ පරීක්ෂාවන්දී ආරක්ෂක අංශ වෙත නිරීක්ෂණය වී ඇත.
පාතාල ලෝකය දෙදරුම් කෑමට සමත් වූ පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අතුරුදහන්ව සිටින සැකකාරියගේ මව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේවෙතත් සංජීව ඝාතනයෙන් දින නවයක් ගතව ඇතත් මීගමුව – කටු වැල්ලේගම පාර අංක 243 හි පදිංචි පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැති 25 හැවිරිදි කාන්තාව ආරක්ෂක අංශ වලට මෙන්ම බුද්ධි අංශවලට මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව නොමැත.