සජබ – එජාප දීගයට ලකුණ හරස් වෙයි.. බාගෙට බාගේ.!

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේදී පක්ෂ ලකුණ පිළිබඳ කරුණු බලපා ඇති නිසා මේ වනවිට සාකච්ඡා අවසන් වී නැතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළද පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එහිදී සියලු දෙනා යළි එකතු වී කටයුතු කිරීම පිළිබඳ එකඟතාවකට පැමිණියද විපක්ෂනායකවරයා පමණක් විරුද්ධ වී නැවත යළි එකඟ වූ බවද වාර්තා වේ.

මෙම පක්ෂ දෙක එකතු වන්නේ නම් ටෙලිෆෝන ලකුණ යටතේ තරග වැදීමට සූදානම් වුවත් එයට බොහෝ දෙනෙක් කැමැත්ත පළකර නැති අතර එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහද එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කිරීමට කැමැත්ත පළකර ඇත.

එසේ නොමැති නම් පොදු ලාංඡනයක් යටතේ දූෂණයෙන් තොර අයගෙන් සැදුම්ලත් පිරිසක් ඒකරාශී කරගෙන ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම යෝග්‍ය බවට යෝජනා වී ඇතැයිද වාර්තා වේ.

මෙම පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් පක්ෂ දෙකේම අති බහුතරයක් කැමැත්ත පල කළ බවත් මේ වනවිට බිම් මට්ටමේ නියෝජිතයන් ඒක රාශි වී තරග කළ සමුපකාර මැතිවරණ සියල්ල ජයගත් බවද හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.