By unusuma.lk on
(LK time)ටොයෝටා ලෑන්ඩ් කෲසර් මාදිලියේ ජීප් රථයක් එම රථය නිෂ්පාදිත කර්මාන්ත ශාලාවෙන් පරිබාහිරව කොටස් දෙකක් එකිනෙක පෑස්සීමෙන් එකලස් කළැයි කියන සිද්ධියකට අදාළව විභාග වන නඩුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මඟින් පසුගිය දා (8) කළ ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධිකරණ ඇමැති සුජීව අර්ජුන සේනසිංහ මහතාට ලබන පෙබරවාරි 5 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය නියෝග කළාය.
අදාල V8 වාහනය එකලස් කළ බවට චෝදනා එල්ල වන අතර එහි ලියාපදිංචි අයිතිකරු වන සුජීව සේනසිංහ රුපියල් මිලියන සියයක බැඳුම්කරයක් මත මුදා ඇති අතර එමෙන්ම වාහනය විකිණීම, වෙනස් කිරීම අන්සතු කිරීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කර ඇත.
මේ අතර E8 සහයෝගිතා වැඩසටහනට අදාළව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියට ඊයේ (20) දැනුම් දුන්නේය.
කෘෂිකාර්මික හා ධීවර සේවය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශගත කිරීමට ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර සිදු වූ සහයෝගිතා වැඩසටහනට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව සඳහන් කරමින් පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම කැඳවූ අවස්ථාවේ දී මේ දැනුම් දීම කළේය.