By unusuma.lk on
(LK time)කාන්තාවන් 20 දෙනකු සමඟ දරුවන් 20 දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයේ සිරකුටිවල වෙසෙන බව බන්ධනාගාර මූලස්ථානය හෙළිකරයි.
අධිකරණ තීන්දුවලට අනුව දරුවන්ද මව සමඟම බන්ධනාගාරගත කර ඇති අතර දරුවන් 20 දෙනා දිවා කාලයේ බන්ධනාගාර පරිශ්‍රය අසල දිවා සුරැකුම් මධ්‍යස්ථානයක, රාත්‍රි කාලයේ සිය මවුවරුන් සමඟ සිරකුටිවල ගාල් කරන බවද බන්ධනාගාර මූලස්ථානය සදහන් කරයි.
මෙම රැඳවි කාන්තාවන් අතරින් දෙදෙනකු සිර දඬුවම් ලබමින් සිටින අතර ඉතිරි 18 දෙනාම මත්කුඩු ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන අතර වයස අවුරුදු පහ පිරුණු පසුව මෙම දරුවන් බන්ධනාගාරයෙන් බැහැර කරන බවද බන්ධනාගාර මූලස්ථානය සදහන් කරයි.