
By unusuma.lk on
(LK time)ලොව උසම කඳු මුදුන වන නේපාලය එවරස්ට් කඳු තරණය සදහා වන බලපත්‍ර ගාස්තුව 36% කින් වැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගාස්තු වැඩි කිරීමත් සමඟ දශකයකට ආසන්න කාලයක් තුළ ප්‍රථම වතාවට කඳු නගින්නන් සදහා ලොව උසම කඳු මුදුන වඩාත් මිල අධික වන බව බලධාරීහු සදහන් කරයි.
ලෝකයේ උසම කඳු 14න් 8ක් නේපාලයේ පිහිටා ඇති අතර විදේශ කඳු නගින්නන්ගේ බලපත්‍ර ගාස්තු සහ අනෙකුත් වියදම් වලින් ලැබෙන ආදායම රටට ප්‍රධාන ආදායම් මාර්ග සහ රැකියා බොහොමයක් සපයන බව බලධාරීහු සදහන් කරයි.
එවරස්ට් තරණය සදහා වන නව බලපත්‍ර මිල ඩොලර් 15,000 (පවුම් 12,000)ක් වන අතර සෑම වසරකම කඳු නගින්නන් සිය ගණනක් එවරස්ට් සහ තවත් හිමාල කඳු මුදුන් කිහිපයක් තරණය කිරීමට උත්සාහ කරයි.
ඒ අනුව සාමාන්‍යයෙන් එවරස්ට් සදහා වසරකට බලපත්‍ර 300ක් පමණ නිකුත් කරන අතර ඇතැම් ගවේෂණ සංවිධායකයන් පවසන්නේ, පසුගිය වසරේ සිට සාකච්ඡාවට ලක්ව ඇති බලපත්‍ර මිල වැඩිවීම මගින් කඳු නගින්නන් අධෛර්යමත් කළ නොහැකි බවයි.