සීගිරිය පර්වත මුදුනේ සිට හිරු උදාව හා හිරු බැසීම සංචාරකයින්ට නැරඹීමට අද (14) සිට අවස්ථාව ලබා දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කරයි.
අලුයම 5.30 සිට රාත්‍රි 8.30 දක්වා සීගිරිය සංචාරකයින් වෙනුවෙන් විවෘතව තැබෙන බව බුද්ධ ශාසන ,ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ සදහන් කරයි.
තවද සීගිරිය නැගීමට අපහසු සංචාරකයින් සඳහා විදුලි මෝටර් රථ සේවාවක් ද ආරම්භ කරන බව අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ තවදුරටත් සදහන් කරයි.