රටේ පළාත් පාලන සීමා නිර්ණ කමිටුව මඟින් සිදුකර ඇති සීමා නිර්ණයේදී මෙතෙක් පැවති මන්ත්‍රී සභික සංඛ්‍යාව 8800ක් වන අතර එය මන්ත්‍රී සභික සංඛ්‍යාව 4800ක් දක්වා අඩුකර ඇත.
මෙහි අවසන් නිල වාර්තාව පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත බාරදීමට නියමිත අතර එහි දෝෂ නිරාකරණය කිරීමට සමාලෝචන කමිටුවක්ද පත් කිරීමට නියමිතව ඇත.
රටේ පළාත් පාලන නීතියට මෙය ඇතුළත් වූ පසු පළාත් පාලන මැතිවරණයට දැනට නාමයෝජනා දුන් සියල්ල අහෝසි වීමේ තත්ත්වයක් ඇති අතර යළිත් අපේක්ෂකයින්ගේ නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිසමට සිදුවනු ඇත.