සිනොපෙක් සමාගමෙන් නිවේදනයක්.!

සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කර ඇත.

සිය මෙහෙයුම් සදහා බාහිර ආයතන යොදාගන්නා බවට පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරමින් සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම එම නිවේදනයක් නිකුත් කර ඇත.

මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සඳහා කිසිදු බාහිර ආයතනයක් හෝ තුන්වන පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන නොමැති බව සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම සදහන් කරයි.

සිය ඉන්ධන පිරවුම්හල් සේවා බලපත්‍ර අයිතිය වෙනත් කිසිදු පාර්ශ්වයකට පැවරීමට සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම අදහස් නොකරන බවද එම නිවේදනයේ සදහන් කර ඇත.

තවද සිය සමාගමේ කීර්ති නාමය තවදුරටත් ආරක්ෂා කරගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close