හෙට (14) දින විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරි ධම්ම හිමි ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද නියෝග කරයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප නියම වූ සිරිධම්ම හිමියන් ඇප කොන්දේසි කඩ කරමින් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාදීමට තම කොට්ඨාසයට නොපැමිණී බව ත්‍රස්ත මර්දන කොට්ඨාසය ඉකුත් 11 වැනිදා අධිකරණයට දැනුම් දී තිබුණේය.
ඒ අනුව සැකකාර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හිමිට අධිකරණයෙන් නොතීසි නිකුත් කළේය.
ත්‍රස්ත මර්දන කොට්ඨාසය කළ ඉල්ලීමකට අනුව නිකුත් වූ නොතීසියක් ප්‍රකාරව ගල්වැව සිරිධම්ම හිමි අද (13) අධිකරණයේ පෙනි සිටි අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කළේය.