සියලු පක්‍ෂ එක්ව දූෂිතයන්, වංචාකාරයන්, පවුල්වාදය නැති පිරිසිඳු මිනිස්සුගෙන් සමන්විත ආණ්ඩුවකින් රට ගොඩගැනීමට පුළුවන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කරයි.
තමන් මෙම සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා කරන්නේ රට වෙනුවෙන් මිස ජනාධිපති තනතුර හෝ අගමැති තනතුරු බලාපොරොත්තුවෙන් නොවන බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.
ජත්‍යන්තර මුල්‍ය අරමුදලින් මුදල් ලැබීම ගැන සම්පූර්ණ ගෞරවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු වත්මන් ආණ්ඩුවට ලබාදෙන බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.
එහෙත් මේ වන විට ලංකාව තිබෙන්නේ ගිනි කන්දක් උඩ බවත්, එය නිවාගෙන සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට රජය මැදිහත්විය යුතු බවද හිටපු ජනාධිපතිවරයා පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කරයි.