පොලිස්පති ධූරයට චෝදනා නැති රටම පිළිගන්නා කෙනෙක් දාන්න.!

කිසිදු චෝදනාවලින් තොර රටේ ජනතාවට පිළිගත හැකි නිලධාරියකු නව පොලිස්පති ධුරය සදහා පත්කිරිමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බව ගැටඹේ රාජෝවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි පවසයි.

රටේ පසුගිය කාලය පුරාම පොලිසියට විවිධ චෝදනා එල්ලවු බවත් පොලිසියට අවශ්‍ය වන්නේ කීර්තිමත් වර්තමානයක් බැවින් මොන බලපෑම් ආවත් පොලිස්පති ධුරයට ⁣චෝදනා නැති, ජනතාවට පිළිගත හැකි නිලධාරියකු පත්කළ යුතු බව අනුනාහිමියෝ පවසයි.

පොලිස්පති තනතුරට හුදෙක් ජනප්‍රියකම් මතම නිලධාරින් පත් නොකළ යුතු බවත් එසේ පත්කිරිමෙන් පොලිසිය අපකීර්තියට පත්වු අවස්ථාද ති⁣බෙන බවත් පොලීසිය මේ වනවිට අරාජික තත්වයක් පෙන්නුම් කරන බවද අනුනාහිමියෝ පවසයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close