නිවසේ සිවිලිම අස්සේ ගංජා පාර්සල් තොගයක් සඟවාගෙන සිටියේ යැයි කියමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින මොනරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාරගේ නිවසින් තවත් භාණ්ඩ තොගයක් හමුවී ඇත.
නිල නිවස තවදුරටත් සෝදිසි කිරීමේදී විදේශීය රටවල නිෂ්පාදිත විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 37ක් සහ විවිධ පොලිස් ස්ථාන වලින් තෑගි ලෙස ලබාදී තිබූ බව කියන (හැම්පර්) 18ක් සොයාගත් බව මොණරාගල මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
මෙහිදී පොලිස් බාරයට ගත් මෙම තෑගි පෙට්ටි (හැම්පර්) නව වසර උදාවීම නිමිතිකරගෙන ජනවාරි මස පළමුවෙනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පරිත්‍යාග කළ ඒවා බව පෙනී යන බව වාර්තා වේ.
තවද නිළ නිවස පිහිටි භූමියේ තිබී දැව කඳන් 5ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එම භාණ්ඩ සියල්ල නඩු භාණ්ඩ වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු සුදානම් කර ඇත.