කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි සිසු සැරි රියදුරකු සහ බස් රථ හිමිකරුවෙකුද වන 32 හැවිරිදි දෙදරු පියෙක් බාලවයස්කාර සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල සිසුවිය එම සිසු සැරිය බස් රථයෙන් දිනපතා පාසල් යන අතර සැකකාර රියදුරා මෙම බාල වයස්කාර සිසුවිය රවටා ඇයත් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහා කරයි.
සැකකාර තැනැත්තා විසින් අදාල දැරිය පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයක් තුල දී බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි ලද පැමිණිල්ලක් මත අදාල 32 හැවිරිදි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.