චාමරගේ තහනම ගැන කොමිසමේ ස්ථාවරය දැනුම් දෙන්නැයි නියෝග 

චාමරගේ තහනම ගැන කොමිසමේ ස්ථාවරය දැනුම් දෙන්නැයි නියෝග 

චාමරගේ තහනම ගැන කොමිසමේ ස්ථාවරය දැනුම් දෙන්නැයි නියෝග 

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරු විසින් ගොනු කර ඇති ඉල්ලීමට අදාළ මෝසම අද (05) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.

අනතුරුව නීතිඥවරු විසින් ගොනු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ලබන (12) වනදා සිය ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) අල්ලස් කොමිසමට නියම කළේය.

තවද මහේස්ත්‍රාත්වරයා මෙම මෝසම ලබන (12) වනදා යළි කැඳවන ලෙස නියෝග කළ අතර එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

ක්‍රිකට් සභාපති ලෙස ඉරාන් පත්කිරීම නිවැරදි තීන්දුවක්

ක්‍රිකට් සභාපති ලෙස ඉරාන් පත්කිරීම නිවැරදි තීන්දුවක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීම නිවැරදි තීන්දුවක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ජනතාවගේ ප්‍රාර්ථනය සහ අභිලාශය වනුනේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින තත්ත්වයෙන් ඉහළට එසැවීම වන බැවින් ඔහු ඇතුළු කණ්ඩායමට මේ වෙනුවෙන් වෙහෙසීමට හැකියාව පවතින බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

හිටපු සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තනතුර සුහදශීලිව අත්හැරීමට එකඟවීම ලබාදුන් යහපත් ආදර්ශයක් වන බවත් ඒ අනුව ඉරාන් වික්‍රමරත්න ඇතුළු කණ්ඩායමට ඉදිරි වැඩකටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබාදීම සිදුකළ යුතු බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ශ්‍රී ලංකා – වියට්නාම අවබෝධතා ගිවිසුම් මෙන්න

ශ්‍රී ලංකා – වියට්නාම අවබෝධතා ගිවිසුම් මෙන්න

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනය පරිදි වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් එළැඹෙන (07) සහ (08) යන දිනයන් හී මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි රාජ්‍ය සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතය.

එම ගිවිසුම් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

*මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම,

*මෙරට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම,

*මෙරට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම ජනවාර්ගික හා ආගමික කටයුතු අමාත්‍යාංශය අතර ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබසාධනය, ආගමික විශ්වාස, සිරිත්විරිත් ප්‍රචාරණය සහ ආරක්ෂා කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම,

*මෙරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හී සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම,

*මෙරට පොලිස් අභ්‍යාස ආයතනය සහ වියට්නාම මහජන පොලිස් අභ්‍යාස ආයතනය අතර පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

ගණේමුල්ල සංජීව ඝාතනය ගැන දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ

ගණේමුල්ල සංජීව ඝාතනය ගැන දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු වන චමින්ද රවී ජයනාත් නොහොත් ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අද (05) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දුන්නේය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මහ ඇමති ධුරයෙන් ස්ටාලින් ඉල්ලා අස්වෙයි

මහ ඇමති ධුරයෙන් ස්ටාලින් ඉල්ලා අස්වෙයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය සුපිරි නළු තලපති විජේ ජයග්‍රහණය කිරීමත් සමඟ ප්‍රාන්තයේ හිටපු මහ ඇමති එම්.කේ.ස්ටාර්ලින් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය ප්‍රාන්ත ආසන 234න් ආසන 108ක් හිමිව ඇති අතර හිටපු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාර්ලින්ගේ නායකත්වයෙන් යුතු DMK පක්ෂයට හිමිව ඇත්තේ ආසන 59ක් පමණයි.

වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධාන ගතව සිටින AIADMK පක්ෂය පවා දිනා ඇත්තේ ආසන 47ක් පමණයි.

කපිල චන්ද්‍රසේනට දුන් නියෝගය

කපිල චන්ද්‍රසේනට දුන් නියෝගය

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන අද (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම විසින් නියෝග කර ඇත.

තවද එම සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ලිංගික අපරාධයකට ලක්වූ බව කියන 15 හැවිරිදි දැරියගේ ඇඳුම් රස පරීක්ෂක වෙත

ලිංගික අපරාධයකට ලක්වූ බව කියන 15 හැවිරිදි දැරියගේ ඇඳුම් රස පරීක්ෂක වෙත

අනුරාධපුර පුද බිමේ ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක්, තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නඩුව මෝසමක් මගින් (04) දින යළි කැඳවයි.

15 හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂණවරයා වෙත යවා එකී රස පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට නියෝග කර ඇත.

ගම්පහ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ උපදෙස් මත නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපතිවරයා 22424/2026 බී අංක දරණ නඩුව මෝසමක් මගින් (04) යළි කැදවු අවස්ථාවේ අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර ඇත.

එහිදී මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ගම්පහ කොට්ඨසාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට නියෝග කර ඇත.

ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව කියන 15 හැවිරිදි දැරියගේ රුධිරය සහිත ඇඳුම් මෙලෙස මෙම අපරාධමය සිද්ධියට අදාළව නඩු භාණ්ඩ ලෙස නම් කර රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අධිකරණ නියෝග ලබාදී ඇත.

මෙම අපරාධයෙන් අනතුරුව එම ඇඳුම් දැරියගේ නිවස ආසන්නයේ වළ දමා තිබියදී ගම්පහ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් සොයා ගෙන ඇත.

කෙසේ වෙතත් බාල වයස්කාර දරුවෙකු ලිංගික හිංසනයන්ට ලක්කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී පැය 24ක් ඇතුළත විමර්ශන ආරම්භ කළ යුතු අතර එකී විමර්ශන වලදී හෙළිවන තොරතුරු මත යම් සැකකරුවෙකු හෝ සැකකරුවන් පිළිබඳව අනාවරණ වන්නේ නම් එම සැකකරු හෝ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අත්අඩංගුවට ගෙන අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.

එහෙත් විහාරාධිපති හිමිනම සමිබන්ධ සිද්ධියේදී සැකකාර හිමිනම පදිංචි ස්ථානයට ගොස් විමර්ශන කණ්ඩායම් ප්‍රකාශ සටහන් කර ගැනීම තුළින් විමර්ශන කණ්ඩායම් එම හිමිනමට විශේෂ වරප්‍රසාදයක් ලබා දුන්නේද.?

Whatsapp භාවිතා කරන ඔබට අනතුරු ඇඟවීමක්

Whatsapp භාවිතා කරන ඔබට අනතුරු ඇඟවීමක්

වට්ස්ඇප් (Whatsapp) භාවිතා කිරීමේදී සිදුකරන මුදල් වංචාවක් ගැන පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවා ඇත.

ඉන්දීය සුරූපී තරුණියක් යොදා ගනිමින් වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් තාක්ෂණය ඔස්සේ ඉන්දියාවේ සිට සිදුකරන මුදල් වංචාවක් ගැන එලෙස අනතුරු අඟවා ඇත.

ඒ සම්බන්ධයෙන් දැනට පැමිණිලි ලැබී ඇති බවත් මෙම වංචනික ක්‍රියාවට ඔබත් ගොදුරු වී ඇත්නම් වහාම ලඟම ඇති පොලීසියට පැමිණිලි කරන ලෙසද එම සංසදය දැනුම් දෙයි.

එනිසා නාඳුනන පුද්ගලයින්ගෙන් වට්ස්ඇප් හරහා පැමිණෙන වීඩියෝ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී සැලකිලිමත් වන ලෙසද එම සංසදය දැනුම් දෙයි.

යළිත් විභාග වන මාධ්‍යවේදී එක්නැලිගොඩ නඩුව

යළිත් විභාග වන මාධ්‍යවේදී එක්නැලිගොඩ නඩුව

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය යළිත් ආරම්භ කිරීමට කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

ඒ අනුව අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලැබූ නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම්ගෙන් සමන්විත නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව (04) කැඳවනු ලැබීය. 

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී එම නඩුව යළි මැයි මස (08) වෙනිදා සිට සතිපතා විභාගයට ගැනීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සාක්ෂිකරුවන් දෙදෙනෙකුට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

සියල්ල ජූලි 01ට කලින් ලියාපදිංචිය අනිවාර්යයි

සියල්ල ජූලි 01ට කලින් ලියාපදිංචිය අනිවාර්යයි

ඉදිරියේදී පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළාය.

ඒ අනුව එළඹෙන ජූලි (01) දිනට පෙර දිවයිනේ සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළාය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මේ බව සඳහන් කළාය.