ජනතාවට බදු ගැන සුබ ආරංචියක්.!

2022 වසරට සාපේක්ෂව මෙම වසරේ සියයට 38.1%ක වර්ධනයක් තිබෙන බවත් බදු ආදායම සියයට 44.9%කින්, ආදායම් බදු සියයට 53.6%කින් සහ භාණ්ඩ හා සේවා මත බදු සියයට 65.6%කින් වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

ඉදිරියේදී හැකියාවක් ලැබෙන පළමු අවස්ථාවේදීම බදු බර පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවද මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සදහන් කරයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තවදුරටත් සදහන් කළේ,

“විදේශ වෙළෙඳාම මත බදු සියයට 12.2%කින් අඩුවෙලා තියෙනවා. ඒක රේගුවේ වරදක් නෙවෙයි අපි භාණ්ඩ දහස් ගණනක් ආනයනය නවත්වාගෙන තමයි මේ රට මේ තැනට ගෙනාවේ. අපේ මුළු වියදමත් සියයට 47.8%කින් වැඩිවෙලා තියෙනවා. ඒ ප්‍රධානම වැඩිවීම වෙලා තියෙන්නේ මේ වර්තන වියදම අපේ සමෘද්ධි සහ සහනාධාර දීමනා. අපි බලාපොරොත්තු වෙන්නේ නෑ කිසිවිටෙකත් අලුත් බරක් මේ රටේ නිත්‍යානුකූල බදු ගෙවන්නන් වෙත පවරන්න.”

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close