රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්.. මාසික වැටුපට අමතරව දීමනාවක්.!

රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැහැදිලි කිරීමක් කරයි.

ආණ්ඩුවේ මුදල් ප්‍රවාහයට බරක් වුවද අප්‍රේල් මස 10 වනදාට පෙර රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට කටයුතු කරන බවත් වසර අවසාන වනවිට රාජ්‍ය සේවකයින්ට වි‍ශේෂ දීමනාවන් ලබාදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තවදුරටත් සදහන් කළේ,

“රාජ්‍ය සේවකයින් ගැන රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවරයා හා රජය විශේෂ අනුග්‍රහයක් දක්වමින් තමයි කටයුතු කරන්නේ. දැන් මෙවැනි තත්ත්වයකදී බොහෝ රටවල එන පළවෙනි යෝජනාව තමයි රාජ්‍ය සේවක වැටුප් කප්පාදුව කියන එක. ඉතින් අපේ රටේ එවැන්නක් හිතුවෙවත් නැහැ. මොකද අපි දන්නවා රාජ්‍ය සේවකයාත් අමාරුවෙන් ඉන්නෙ.

මේ උද්ධමන පොලී වැඩිවීමත් එක්ක. අප්‍රේල් මාසය වෙනකොට අපිට අපේ මුදල් ප්‍රවාහවලට ලොකු බරක් එනවා. සාමාන්‍යයෙන් මාසේ 25 රාජ්‍ය සේවකයාට ගෙවන වැටුප අපි මේ මාසේ ගෙවන්න ඕනේ. අප්‍රේල් 10 වනදාට පෙර. එය මුදල් ප්‍රවාහයට ලොකු බරක්.

විශ්‍රාම වැටුප සහ සමෘද්ධියත් 10 වනදාට පෙර දිය යුතුයි. ජනපති දැනුම් දුන්නා එය ගෙවිය යුතු බව. මූල්‍ය උපක්‍රම භාවිත කරලා ගෙවීම් කරනවා. එය රාජ්‍ය සේවකයා ගැන දක්වන සුවිශේෂිතාවයක්. ජනපති පසුගිය අයවැය ලේඛනයේ ප්‍රකාශ කළා. වසර අවසාන වනවිට රාජ්‍ය සේවකයාට වි‍ශේෂ ලබාදිය හැකි දීමනාවන් ලබාදෙනවා කියලා.”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close