සජබ අපේක්ෂකයාට ගුටි පූජාවක්.. තුවල ලබා රෝහලේ.!

විපක්ෂ සමගි ජන බලවේගයෙන් පළාත් පාලන මැතිවරණයේ මහ නගර සභාවට තරඟ වදින නුවරඑළිය අපේක්ෂක අබ්දුල් රහීම්ගේ වැසිකිලි බටය පහල නිවසකට බාධා වන අයුරින් ස්ථානගත කලේ යැයි සිදුවීමකට අසල්වැසියන් පිරිසක් පහරදී ඇත.

එම අපේක්ෂකයාගේ නිවසේ වැසිකිලි බටය යාබද නිවසකට ගලා බසින පරිද්දෙන් යොදවා තැබීම හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් එම ගැටුම ඇතිවී තිබෙන බවට පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

පහර කෑ සමගි ජන බලවේග අපේක්ෂක තරුණ මුස්ලිම් සංගමයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරයාද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නුවරඑළිය ආසන සංවිධායක අබ්දුල් රහීම් ද නුවරඑළිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇත.

Loading

RSS