“සජබයේ ඉන්න ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ” හිටපු ප්‍රබලයෙක් සියල්ල වමාරයි.!

සමාජ විරෝධය නොතකමින් සමගි ජන බලවේග පක්ෂය තුළ ගනු ලබන තීරණ හේතුවෙන් තමන් එම පක්ෂයෙන් ඉවත් වී මහ මැතිවරණයට ස්වාධීනව තරඟ කිරීමට තීරණය කළ බව හිටපු සංවිධායක සාගර සේනාරත්න සදහන් කරයි.

අනුර කුමාර දිසානායකගේ දේශපාලන පෞර්ෂය පිළිබඳව තමන් සතුටු වන බවත් තම පක්ෂයේ නායකයන්ට ද එවැනි පෞර්ෂයක් තිබුනේ නම් කිසිදිනක මෙවැනි පරාජයක් තම පක්ෂයට හිමි නොවුණු ඇති බවද සාගර සේනාරත්න සදහන් කරයි.

සමගි ජන බලවේග පක්ෂය තුල සිටින බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස අද වනවිට බුද්ධිමත් මෝඩයන් බවට පත්ව ඇති බවත් තම ආසනය පවා රැක ගැනීමට ඔවුන්ට නොහැකි වි ඇති බවද සාගර සේනාරත්න සදහන් කරයි.

පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස හොරුන් ලග තබාගෙන කෑ ගසන බවත් විපක්ෂයේ සිට පැමිණෙන හැම හොරෙක්ම ලගට ගත් බවත් ඉරාන්ලා, හර්ෂලා බුද්ධිමත් මෝඩයින් බවද සාගර සේනාරත්න සදහන් කරයි.

පක්ෂය තුළ නිර්මාණය වී ඇති අභ්‍යන්තර දේශපාලන අවුල තවදුරටත් වර්ධනය වෙමින් ඇති බවත් පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් පක්ෂය සතුව නොතිබූ බවද සාගර සේනාරත්න සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් සමගි ජන බලවේග පක්ෂයේ හිටපු සංවිධායක සාගර සේනාරත්න මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.