විපක්ෂ සමගි ජන බලවේගය කිසිමවිටක පක්ෂයක් ලෙස වත්මන් ආණ්ඩුවට එක් නොවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සඳහන් කරයි.
තවද රෙද්දක් ඇඳගෙන රාජපක්ෂලා සමග ආණ්ඩුවට එක්විය නොහැකි බවද කොළොන්නාවේ පැවති ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සඳහන් කරයි.
පක්ෂයක් ලෙස ආණ්ඩුවට යාමට ඇතැමුන් වලිකන්නේ එළඹෙන මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස නැතුව ජයග්‍රහණය කල නොහැකි බව දන්නා නිසා බවද එස් එම් මරික්කාර් සඳහන් කරයි.
රටේ 70 පැනපු ගෝතයන්ට ආණ්ඩුවට යෑමේ උවමනාවක් ඇත්තේ නම් ආණ්ඩුවට යන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් ජන හමුවේදී තවදුරටත් සඳහන් කරයි.