නවතම සමීක්ෂණය අනුව සජබය ඉදිරියෙන්.!

නවතම සමීක්ෂණයක් අනුව සමගි ජන බලවේගය ඉදිරියෙන් සිටින බව හෙළි වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

විපක්ෂ සමගි ජන බලවේගය එම සමීක්ෂණය අනුව සියයට 39ක් හා ජාතික ජන බලවේගය සියයට 20ක් ලබාගෙන ඇති බව මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

සියයට 24ක් තීරණයක් ගෙන නැති බවත් එම තීරණයක් ගෙන නොමැති කණ්ඩායමෙන් වැඩි පිරිසක් ජයග්‍රහණය කරන පාර්ශවයට එන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කොලොන්නාව ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close