රටපුරා අලුත් වසංගතයක්.. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.!

ශ්‍රී ලංකාවේ පුද්ගලයින් අතර මේ වනවිට චර්ම රෝග විශාල වශයෙන්ම ව්‍යාප්ත වෙමින් පවතින බවත් එම තත්ත්වය වසංගතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවද චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවයි.

මෙම චර්ම රෝගය “ටීනියා” නමින් හඳුන්වන අතර එම රෝගය වයස් භේදයකින් තොරව සියලුම දෙනා අතර පැතිර යාමේ අවදානමක් පවතින බවත් සිරුරේ ඕනෑම ස්ථානයක එම චර්ම රෝග ඇතිවිය හැකි බවද විශේෂඥ වෛද්‍යවරුන් සදහන් කරයි.

එම රෝගය රවුම් හැඩයක් ගන්නා දදයක් ආකාරයෙන් ශරීරයේ පැතිරෙන අතර නිතර කැසීම එහි ප්‍රධාන ලක්ෂණයක් බවත් දහඩිය වැඩි වශයෙන් රැදෙන ස්ථාන ආශ්‍රිතව සහ හිස ආශ්‍රිතව රෝගය ව්‍යාප්ත වන බවද විශේෂඥ වෛද්‍යවරුන් සදහන් කරයි.

ස්පර්ශය මගීන් මෙම රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් සුරතල් සතුන් හරහා රෝගය බෝ විය හැකි බවද විශේෂඥ වෛද්‍යවරුන් තවදුරටත් සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close