ඉතිහාසයේ ප්‍රථම වතාවට හමුදා සෙබළියන් පිරිසක් උද්ඝෝෂණයක.!

කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් සෙබළියන් පිරිසක් මෙලෙස කදවුර ඉදිරිපිට ඊයේ (16) උද්ඝෝෂණයක නිරතවිය.මේ විරෝධතාවයට ඔවුන්ගේ ඥාතීන්ද එක්වී සිටි අතර සෙබළියන් පවසන්නේ තමන් 2012 වසරේ සිට  කොකාවිල් කදවුරේ සේවය කරන බවත් මැදවච්චිය කදවුරට ලබා දී ඇති ස්ථාන මාරුව අවලංගු කරන ලෙසත්ය.

හමුදවේ ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය යටතේ,  මෙම කදවුරේ පිරිස මැදවචිචිය  කදවුර වෙත සම්බන්ධ කිරීමට සුදානම් කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

හමුදා නීතිය අනුව හමුදාවේ කිසිවකුටත් විරෝධතා, උද්ඝෝෂණ වලට  සහභාගි වීම පසුරා තහනම් හෙයින් මෙම උද්ඝෝෂණයට යම් සෙබළියන් පිරිස් සහභාගි වී ඇති නම්, ඔවුන්ට එරෙහිව විණ්‍යානුකූල ක්‍රියා මාර්ග ගන්නා බවද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close