ශ්‍රී ලංකාව මෙම වසරේ සුපිරිම ජය වාර්තා කරයි.!

අද (02) දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති පන්දුවාර විස්සයි විස්ස පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමේ නායකයා දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 196ක් රැස් කළේය.

පසුගිය වසරකට අධික කාලයකට පසු සංචිතයට කැඳවූ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 53ක් රැස්කළ අතර චරිත් අසලංක පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 67ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් රැස් කළේය.

අනතුරුව ජයග්‍රාහී ලකුණු 196ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමත් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස්කර ගත්තේය.

ඒ අනුව කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදුවු අතර එහිදී නවසීලන්ත කණ්ඩායම සිය සුපර් ඕවරයේදී ලකුණු 8ක් රැස් කළේය.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 09 පන්දු 3ක් තුළදී ලබාගැනීමට සමත් විය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ලෙස ඉදිරියෙන් සිටියි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close