මෙම අවුරුදු සමයේ රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව රථ වාහන නවතා තැබීමේදී රියදුරන් වඩා සැළකිලිමත්ව කටයුතු කළ යුතු බව පොලිසිය සදහන් කරයි.
එලෙස අවිධිමත් ලෙස රථ වාහන නතර කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලීසිය සදහන් කරයි.
පසුගිය දින කිහිපයේදී ප්‍රධාන නගර කිහිපයක දුටු රථ වාහන තදබදය සැලකිල්ලට ගෙන පොලීසිය විසින් මෙම තීරණය ගෙන ඇත.
මේ දිනවල වාහන තදබදය වැඩි බවත් එමගින් සිදුවන අනතුරු ඉහළ යාමට ඉඩ ඇති බැවින් රියදුරන් වඩාත් විමසිල්ලෙන් ගමන් කලයුතු බවද පොලීසිය සදහන් කරයි.
තවද ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වල පවතින තදබදය හේතුවෙන් ජනතාව අතර බහින්බස්වීම් ඇතිවී අනතුරුව ගැටුමක් දක්වා දුරදිග යාමේ අවස්ථා වාර්තා වන බවද පොලීසිය සදහන් කරයි.
එනිසා ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් එම තදබද ස්ථාන වල සිටින සොරුන්ගෙන් තම ආභරණ ,මුදල් පසුම්බි වැනි දේවල් ආරක්ෂා කරගැනීමට කටයුතු කරන ලෙසද පොලීසිය ජනතාවට දැනුම්දීමක් කරයි.