ජනතාවට පොලීසියෙන් ලක්ෂ ගණනින් මුදල්..!

සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ඇතුලු නීතිවිරෝධී කටයුතු මැඩලීම සදහා ශ්‍රී ලංකා පොලීසිය විසින් ආරම්භ කර ඇති මෙහෙයුමේ තවත් එක් අදියරක් ලෙස, මෙසේ නිවැරදි තොරතුරු ලබාදෙන්නන් හට මුදල් ත්‍යාග ලබාදීම පොලීසිය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කලේ, ලබාදෙන තොරතුරු වලට අනුව වර්ගීකරණය කිහිපයක් යටතේ මෙසේ මුදල් ත්‍යාග ලබාදීමට සැලසුම් කර ඇති බවයි.


ඒ අනුව ටී-56 ගිනිඅවියක් සමග සැකකරුවකු අල්ලා ගැනීම සදහා නිවැරදි තොරතුරු සපයන්නෙක් සදහා රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාදීමට සැලසුම් කර ඇති බව එතුමා වැඩි දුරටත් සඳහන් කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close