අද සිට විශේෂ බස් රථ සේවාවක්.!

අද (07) දින සිට අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බවත් එළඹෙන 18 වනදා දක්වා එම සේවාව ක්‍රියාත්මක බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.

අද දිනයේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොල ඇතුළු තෝරාගත් ප්‍රධාන නගරවල සිට මෙම බස් සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.එච් පණ්ඩුක ස්වරණහංස සදහන් කරයි.

දිවයින පුරා පිහිටි සෑම ගමනාත්තයකටම බස් රථ යොදවන බවත් 07, 08, 09 යන දවස්වලදී බස් රථ 150 ක් අතිරේකව යෙදවීමටත් , 11,12 හා 13 යන දිනවලදී බස් රථ 250 ක් 300 ක් යෙදවීමට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close