ලෝකයේ සංචාරය කිරීම සදහා විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස නිවාඩුවක් ගත කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය සදහන් කරයි.
නිවාඩු ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මාස 12ක් සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබා ගත හැකි රටවල් 12 ක් අයි නිව්ස් වෙබ් අඩවිය නම් කර ඇත.
ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම එළඹෙන පෙබරවාරි 04 වැනිදාට යේදී තිබීම හේතුවෙන් රටේ සැමරුම් උත්සව පැවැත්වෙනු ඇති බවත් ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල පෙබරවාරි මාසයේ පහළ මට්ටමක පවතින බව අයි නිව්ස් වෙබ් අඩවිය සඳහන් කරයි.
එම පිළිවෙළ වන්නේ, ජනවාරි මස මොල්ටාව, පෙබරවාරියේ ශ්‍රී ලංකාව, මාර්තු මස බල්ගේරියාව, අප්‍රේල් මස ඇල්බේනියාව, මැයි මස මඩීරා දූපත්, ජූනි මස බාර්බේඩොස්, ජූලි මස තුර්කිය, අගෝස්තු මස බෙල්ජියම, සැප්තැම්බර් මස ජපානය, ඔක්තෝබර් මස ජෝර්දානය, නොවැම්බර් ඊජිප්තුව, දෙසැම්බර් ග්‍රීසිය වේ.