ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් විශිෂ්ට ජයක්.!

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයගෙන් කඩුළු 07ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 137ක් ලබා ගත් අතර එහිදී Anneke Bosch විසින් පන්දු 32ක් තුළ ලකුණු 50ක් රැස් කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අචිනි කුලසුරිය ලකුණු 26 කට කඩුළු 02ක් දවාගත් අතර ඉනෝශි ප්‍රියදර්ශනී ,නායිකා චමරි අතපත්තු සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්විය.

ලකුණු 138ක ඉලක්කයක් සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 18යි පන්දු 05ක් තුළ එම ඉලක්කය ලගාකර ගත්තේය.

එහිදී විශ්මි ගුණරත්න ලකුණු 65 ක් පන්දු 57ක් වැය කරගනිමින් ලබාගත් අතර කවීෂා දිල්හාරි පන්දු 28කින් වේගවත් ලකණු 45 ක් ලබා නොදැවී ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියාය.

තරගයේ වීරවරිය සම්මානය කවීෂා දිල්හාරිට හිමිවිය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close