ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රහාරාත්මක පිතිකරු වන කුසල් මෙන්ඩිස්ට අමෙරිකාවට යෑම සදහා ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අද (17) පැහැදිලි කිරීමක් සිදු කළේය.
කුසල් මෙන්ඩිස්ගේ වීසා අයදුම්පත ප්රතික්ෂේප කර නොමැති බවත් ඔහුගේ තව ඩොකියුමන්ට්ස් වගයක් ඉල්ලා තිබෙන බව ක්රිකට් ආයතනයේ ප්රධාන විධායක ඈෂ්ලි ද සිල්වා සදහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග කටයුතු කරන බවත් කුසල් මෙන්ඩිස්ට පුහුණු තරගවලට සහභාගීවීමට අවස්ථාව ලැබෙතැයි තමා විශ්වාසකරන බවද ඈෂ්ලි ද සිල්වා සදහන් කරයි.