ඉන්ධන ගැන අලුත්ම තත්ත්වය.!

රජය විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 130ක් සහ ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 107ක් ලෙස බදු අයකරගන්නා බව අනාවරණය වී ඇත.

මාර්තු (31) දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කළද රටේ ජනතාවට එයින් කිසිදු වාසියක් නොලැබෙන බවත් ජනතාව වැඩිපුර භාවිතා කරන ඉන්ධන වර්ගවල මිල අඩු කර නොමැති බවද රථ වාහන හිමියන් සදහන් කරයි.

මේ අතර අඩු කළ සුපිරි ඉන්ධන භාවිතා කරන්නේ ධනවත් පුද්ගලයින් වන අතර සියලුම ඉන්ධන වර්ග මෙරට පාරිභෝගිකයාට හිමි වන්නේ බදු වර්ග කිහිපයකට යටත්ව බව සදහන් කරයි.

ඉන්ධන ගොඩබාන අවස්ථාවේදී රුපියල් 205යි සත 79ක් වන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මත බදු වර්ග තුනක් ⁣පැනවෙයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close