පාර්ලිමේන්තු ආරම්භයේදීම උණුසුම් තත්ත්වයක්.!

පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතා පුවරු අතැතිව පාර්ලිමේන්තු සභාගර්භය මධ්‍යයේ විරෝධතාවයක් ආරම්භ කළේය.

විරෝධතාව හේතුවෙන් සභාගර්භයේ වැඩකටයුතු වලට බාධා එල්ල වු අතර වව්නියාවේ හින්දු කෝවිලක පුජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් මන්ත්‍රීවරුන් විරෝධතාවයේ නියැලුණි.

අනතුරුව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බවට දැනුම්දීමෙන් පසු විරෝධතාවය නතර කිරීමට එම මන්ත්‍රීවරු කටයුතු කළේය.

Loading

RSS