By unusuma.lk on
(LK time)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාවේ කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ.ඒ.ආර්. ප්‍රේමරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත (උතුරු දිසාව) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි සඳහා ස්ථාන මාරුකර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
ඉන් පුරප්පාඩු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව සඳහා නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතා ස්ථාන මාරුකර ඇත.
පී. අම්පාවිල මහතා ඊට පෙර මුදල් විශුද්ධිකරණ හා සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මුල්‍ය බුද්ධි ඒකකය 02 සහ පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම සහ අතත්‍ය මුදල් පිළිබඳව විමර්ශනය කිරීම පිණිස මහ බැංකුවේ ස්ථාපිත කර ඇති විශේෂ විමර්ශන ඒකකයන්හි පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරි අධීක්ෂණ තනතුරේ කටයුතු කළ නිලධාරී වරයා වෙයි.