ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි.!

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් වාර්තා කළ විශිෂ්ට ශතක දෙකත් සමග බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ධනංජය ද සිල්වා සිය ටෙස්ට් දිවියේ 12 වැනි ශතකය වාර්ථා කරමින් ලකුණු 108 ක් ලබාගත් අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක වාර්තා කළ 06 වැනි පිතිකරුවා ලෙසට වාර්තා අතරට එක්විය.

කමිඳු මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කරමින් ලකුණු 164ක් රැස්කළ අතර අඩුම ඉනිම සංඛ්‍යාවකින් ටෙස්ට් ශතක දෙකක් රැස්කළ ශ්‍රී ලාංකික පිතිකරුවා සහ අංක 7 හෝ ඊට පහළ ස්ථානයක ක්‍රීඩා කර ටෙස්ට් තරග ඉනිම දෙකේදීම ශතක රැස්කළ පළමු ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක්විය.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙක් එකම ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක රැස්කළ පළමු අවස්ථාව ද මෙය වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS