ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක්රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (03) දින සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කළ අතර බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 178ක් ලබාගැනීමට සමත් විය.
අනතුරුව ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබාගත් අතර තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 318ක් ලබාගැනීමට සමත් විය.
ඒ අනුව ලකුණු 192කින් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වු අතර තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය තරග 2 – 0ක් ලෙස ජය ගැනීමට ද ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.