ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ගත වීම නිමිත්තෙන් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය ඩේවිඩ් කැමරන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය හා අතුරුදහන් වු පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව පිළිතුරු සොයන බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කරයි.
යුද්ධයෙන් පීඩා විඳි සියලුම දෙනාට යුක්තිය, සත්‍ය සහ වගවීම වෙනුවෙන් එක්සත් රාජධානියේ සහාය ලබාදීමට කැපවන බවත් ලංකාවේ මානව හිමිකම් සහ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ප්රයත්නයන් සඳහා එක්සත් රාජධානිය අඛණ්ඩව නායකත්වය ලබාදෙන බවද සදහන් කරයි.
පසුගිය 2013 වසරේදී තමා ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට ගිය අවස්ථාවේ යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාක පිළිබඳ අසා දැනගත් බවද විදේශ කටයුතු අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.