පලස්තීනුවන්ට ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් මිලියනක පරිත්‍යාගයක්.!

ගාසා තීරයේ ගැටුම් හේතුවෙන් විපතට පත් දරුවන්ට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (HE. Zuhair M.H. Dar Zaid) වෙත මෙම පරිත්‍යාගය ලබාදී ඇත.

එම පරිත්‍යාග කළ මුදල මෙවර ඉෆ්තාර් උත්සවය සඳහා අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන විසින් වෙන් කරන ලද අරමුදල් වලින් කොටසකි.

මීට අමතරව,“Children of Gaza Fund” අරමුදලට මුදල් බැරකරන ලෙස ජනාධිපති කාර්යාලය කළ ඉල්ලීමට අනුව මෙරට ජනතාවගෙන් ඒ වෙත ලැබී ඇති රුපියල් මිලියන 20 කට අධික මුදලක් ද ඊලඟ අදියර වශයෙන් එයට ප්‍රධානය කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්‍යාලය පවසයි.

මෙරට පරිත්‍යාගශීලි ජනතාවට 2024 අප්‍රේල් 30 දක්වා මෙම අරමුදල වෙත තවදුරටත් දායක වීමට අවස්ථාව සලසා දී තිබෙන අතර ඒ සඳහා දායකවීමට කැමති පරිත්‍යාගශීලීන්ට, එම පරිත්‍යාගයන් අප්‍රේල් මස 30 වනදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ රිසිට්පත 077-9730396 වෙත WhatsApp මඟින් යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටි.

එම අරමුදල් චෙක්පත භාරදීමේ උත්සවයට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන සහ පලස්තීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close