වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර හේරත්ගේ වැඩ තහනමට ලක්කර ඇත.
පසුගිය 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර හේරත්ගේ වැඩ තහනම ක්‍රියාත්මක වනු ඇති බවද සදහන් කරයි.
අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයාගත්තේය.
මෙම පොලිස් අධිකාරීවරයාට පසුගිය කාලයේ සිදුවු මරාගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව තවදුරටත් සිදුකළ විමර්ශනවලට අදාළව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාද ඊයේ දින අත්අඩංගුවට ගත්තේය.