මොනරාගල පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත්තේය.
ඔහු භාරයේ තිබී ගංජා පැළ 350ක් හා පොළව අභ්‍යන්තරයේ ඇති දෑ නිරීක්ෂණය කළ හැකි උපකරණයක් සහ ගංජා කිලෝ 15ක් හමුවී ඇත.
නිධානයක් ගොඩගැනීමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය විසින් ස්කෑනර් යන්ත්‍රයක් සොයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ජීප් රථය මුලින්ම දැඩි පරීක්ෂාවකට ලක්කර ඇත.
අනතුරුව විශේෂ කාර්ය බළකාය විසින් පොලිස් අධිකාරිවරයාගේ නිල නිවෙස පරීක්ෂා කිරීමේදී එම ගංජා තොගය හමුවී ඇති බව තොරතුරු අනාවරණය කරයි.
අත්අඩංගුවට ගත් මෙම පොලිස් අධිකාරීවරයාට පසුගිය කාලයේ සිදුවු මරාගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර එම චෝදනා වලින් නිදහස් කර දෙන ලෙස ඉල්ලා මහනායක හිමිවරුන් හමුවීමට ගිය කණ්ඩායමේ සාමාජිකයෙක් බවද වාර්තා වේ.