අමෙරිකාවේ වේලාවෙන් උදෑසන 10.23ට නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල වී ඇති අතර එම කම්පනය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම භූකම්පනයෙන් පසුව තවත් කම්පන 11ක් පමණ වාර්තා වී තිබුණු බවත් මෙය ගෙවුණු දශක පහක කාලය තුළ එම කලාපයෙන් වාර්තාවූ තෙවන විශාලතම භූකම්පනය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රබල භූකම්පනයත් සමග ලෝක ප්‍රසිද්ධ අමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවී ඇති බවත් භූකම්පනයෙන් ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගියදා නිව් යෝර්ක් නගරයට තද සුළං, අධික වර්ෂාව සහ විදුලි කෙටීම් ඇති කරමින් දරුණු කුණාටුවක් හේතුවෙන් ලිබර්ටි ප්‍රතිමාවේ පන්දමට අකුණු සැර වැදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.