පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ පුවතින් කොටස් වෙළෙඳපොළ කඩා වැටේ.!

මෙම සතිය අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනා බවට විවිධ වාර්තා පළවෙමින් පවතිනා අතර එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ එළැඹෙන 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවටයි.

එම ප්‍රචාරය සමඟ කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ මෙම වසර තුළ මුදල් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරණය සඳහා පමණක් බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බවත්ය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසූවේ පාර්ලිමේන්තුව ඉදිරි සතියේ රැස්වීමට අදාළ න්‍යාය පත්‍රය මේ වනවිට සකස් කර ඇති බවත් ලබන 22 හදිසි පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්ය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement