අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සීග්‍රයෙන් ඉහළ යෑම ස්ථිරයි.!

රේගු නිලධාරීන් විසින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉදිරියේදී යළිත් වරක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක මිල ඉහළ යාමේ අවදානමක් මතුව ඇත.

රේගු වෘත්තිය සමිති රැසක් පසුගිය සතියේ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වූයේ රජය විසින් රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එක් ආයතනයකට බලය පැවරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගයට එරෙහිවයි.

කෙසේවෙතත්, පසුව සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව පැමිණි එකඟතා අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට රේගු වෘත්තිය සමිති සන්ධානය පියවර ගත්හ.

මේ වනවිට රේගුවේ බහාලුම් පරීක්ෂා කිරීමේ කටයුතු ප්‍රමාදවීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සහ තොග හානි වීමේ අවධානමක් සහිත බහාලුම් රැසක් වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත.

මේ වනවිටත් රේගුවේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැති බවට බහාලුම් ප්‍රවාහන රථ රියදුරන් ඇතුළු සේවකයින් පවසනා අතර වරාය පරිශ්‍රයේ බහාලුම් නිෂ්කාශන කටයුතු නිසි ලෙස ඉටු නොවීමෙන් දිගු පෝලිම් හටගෙන ඇති බව වාර්තා වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close