රටම නවතින වර්ජන රැල්ලක් සඳුදා සිට ඇරඹෙයි.!

නැවතත් නව බදු සංශෝධන වලට එරෙහිව විසඳුමක් නොලැබුණොත් එළඹෙන සඳුදා (03) සිට නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට සිදුවන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

නව බදු සංශෝධන සම්බන්ධයෙන් කඩිනම් අවධානය ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අවසන් ලිපිය යැවීමට සුදානම් බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

අද (31) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා සියලු වෘත්තීය සමිති මේ සඳහා සහභාගි කරවා ගැනීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි.

දිවයිනේ සියලු වෘත්තීය සමිති එක්ව ඉදිරියට වැඩ වර්ජනයක් සැලසුම් කර ඇති බවත් එය පවත්වන දිනය ජනාධිපතිවරයාගෙන් ලැබෙන ප්‍රතිචාරය මත තීරණය වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි.

ජනාධිපති ලේකම්වරයා පසුගියදා පොරොන්දු වූ ආකාරයේ එම විසඳුම් සහිත සාකච්ඡාව කල් දමමින් සිටින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close