විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (24) දිනයේ 16 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
නව බදු ප්‍රතිපත්තියට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් මෙම වර්ජනය අත්නොහරින බවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සදහන් කරයි.
බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාව මෙතෙක් නොලැබීම හේතුවෙන් වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද (24) දහවල් පැවැත්වෙයි.